ගුජරාට් ටයිටන්ස් IPL පිටියේ සුපිරි හතර වටයට

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කරගත් පළමු කණ්ඩායම බවට පත්වන්නට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට ඊයේ (14) හැකියාව ලැබුණා.

ඒ, ඊයේ (14) රාත්‍රියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් ලකුණු 34ක ජයක් වාර්තා කිරීමත් සමඟයි.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ප්ලේ ඕෆ් වටයේ මේ දක්වා තරග 13කට ක්‍රීඩාකර ඉන් තරග 09ක් ජයගෙන හතරක් පරාජය වී ප්‍රසාද ලකුණු 13ක් ලබාගෙන සිටිනවා.

හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ ලැබූ පරාජයත් සමඟ ඔවුන්ට මෙවර තරගාවලියෙන් ඉවත් වන්නට ද සිදුවීම විශේෂත්වයක්.

මේ අතර මෙම තරගයේ දී ගුජරාට් පිළේ සුපුරුදු නිල් පැහැති නිල ඇඳුම වෙනුවට වෙනත් වර්ණයක ඇඳුමකින් සැරසී තරගයට එක්ව සිටි ආකාරය දැකගත හැකි වුණා.

රෝස පාට වර්ණයට සමාන පැහැයකින් යුත් ඇඳුමකින් සැරසී ගුජරාට් ක්‍රීඩකයින් මෙම තරගයට එක්ව සිටියේ පිළිකාවට එරෙහි සටනට සහාය දැක්වීමේ පණිවුඩයක් ද එක්කරමින්.

මේ අතර ඊයේ තරගයේ දී පළමුවරට අයි.පී.එල්. තරගවරම් හිමිකර ගන්නට ගුජරාට් ටයිටන්ස් පිළ නියෝජනය කරන ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානකට අවස්ථාව උදාවුණා.

මෙම තරගයේ දී දසුන් පන්දු 07කට මුහුණ දෙමින් නොදැවී 09ක් රැස්කළ අතර, පන්දු යැවීමට අවස්ථාවක් ඔහුට හිමි වුයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?