AFC Banner
Empty Ad
Empty Ad

ගිනිගත් නැවෙන් වන්දි ඉල්ලූ පෙත්සමකට නියෝගයක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් ගොනු කළ නඩුවක් ජූලි මස 26 වන ලෙස කොළඹ වාණිජ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ පෙත්සම සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දෙනු ලැබුවා.

ඒ අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරිම පිළිබඳ සලකා බැලීම මීළඟ නඩු දිනයේ සිදුකරන බවයි අධිකරණය සඳහන් කළේ.

ඒ සඳහා අදාළ නඩුව ජුලි මස 26 වනදා කැඳවන ලෙස අධිකරණය නියම කළා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් පීඩාවට පත් ධීවරයින්, සංචාරක කර්මාන්ත කරුවන්ට සහ පරිසරයට සිදු වූ හානිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 07 කට ආසන්න වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හිමි සමාගම එහි දේශීය නියෝජිත සමාගම ඇතුළු සමාගම් කීපයක් නම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?