AFC Banner
AFC Banner
Empty Ad

ගෑස් , විදුලිය නොමැතිකමෙන් පාකිස්තානය හා බලුකිස්තාන වැසියන් උග්‍ර පීඩනයක

පාකිස්තානය තුළ හටගෙන ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ මේ වනවිට (18) ජනතාවට අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩවල හිඟතාවක් නිර්මාණය වී තිබෙනවා.

මේ හේතුවෙන් පාකිස්තාන රාජ්‍යයට සමගාමී රාජ්‍යයක් වන බලුකිස්තානයට එල්ල වී ඇත්තේ දැඩි ආර්ථික ව්‍යසනයක්.

ගෑස් හිඟ වීම, විදුලිය දෛනික ව ඇනහිටීම මධ්‍යයේ බලුකිස්තානයට ශීත දේශගුණික තත්ත්වයක් හමුවේ මුහුණදීමට සිදු ව ඇත්තේ පීඩාකාරී ජීවිතයක් බවයි වාර්තා වන්නේ.

ශීත සෘතුව ආරම්භ වී ඇති අතර බලුකිස්තානයේ වැසියන් ගෑස් හෝ විදුලිය නොමැති ව අසහනකාරී තත්ත්වයකට ඇද වැටී තිබෙනවා.

මේ හේතුවෙන් පාකිස්තානය සේ ම බලුකිස්තානයේ නගර බොහොමයක් කේන්ද්‍ර කරගනිමින් විරෝධතා පැන නැගී ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්තානයේ ද හයිද්‍රාබාද් හි දැඩි ගෑස් හිඟයක් පවතින බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ගෘහනියන් මේ හේතුවෙන් දැඩි කලකිරීමකට ලක් ව ඇති බවයි පැවසෙන්නේ.

මෙම තත්ත්වය හමුවේ ජනතාවගේ විරෝධතාවලට පවා බලධාරීන් ඇහුම්කන් නොදී පොරොන්දු පමණක් යළි යළිත් ලබාදෙන තත්ත්වයක් උදා වී ඇති බවත් වාර්තා වනවා.

ලතිෆබාද් සහ කාසිමාබාද් වැනි ජනාකීර්ණ ප්‍රදේශවල රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගෑස් සැපයුම අත්හිටුවන බවයි එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?