spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් නිසා ගෑස් පෙන්වන භූමිතෙල් උඳුන්වල කතාව

රටේ භූමිතෙල් උඳුන් හිඟයක් මතුව ඇති බව පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් පවසනවා.

ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමත් සමග දින දෙකක් තුළ විශාල වශයෙන් භූමිතෙල් උඳුන් අලෙවි කෙරෙමින් පවතින බවයි ඔහු සඳහන් කර සිටියේ.

“භූමිතෙල් ලිප් මිලට ගන්න දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවලින් ජනතාව ඇඳී එනවා පිටකොටුවට. මෑතකදී ගෑස් මිල ඉහළ දැමීම ජනතාවට විශාල බරක් වෙලා. ඒකට විකල්පයක් විදිහට ඔවුන් භූමිතෙල් ලිප් මිලදී ගන්න පෙළඹිලා” පිටකොටුව ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික සංගමයේ සභාපති චාල්ස් ප්‍රදීප් ප්‍රකාශ කර සිටියේ.

රුපියල් 1,500කට අලෙවි වෙමින් තිබු භූමිතෙල් ගෑස් උඳුනක මිල මේ වන විට රුපියල් 3000ක් දක්වා ඉහල ගොස් ඇති බවයි පිටකොටුවේ ව්‍යාපාරිකයින් ප්‍රකාශ කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?