AFC Banner
AFC Banner
Empty Ad

ගායන ශිල්පී නදිමාල් පෙරේරාට ප්‍රහාරයක්

ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් යොවුන් ගායන ශිල්පී නදිමාල් පෙරේරාට පහර දුන් බව කියන පුද්ගලයෙක් පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේ පානදුර උතුර, ගොරකාන ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැති සංගීත වැඩසටහනකට සහභාගී වී සිටිය දී නදිමාල් පෙරේරා මෙම පහර කෑමට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

පහර කෑමෙන් තුවල් ලැබූ ඔහු පානදුර මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලකින් පවත්වනු ලැබූ සංගීත වැඩසටහනකට සහභාගි වූ ජනප්‍රිය ගායන ශිල්පී නදිමාල් පෙරේරාට එම උත්සව ශාලාවේම වෙනත් උත්සවයකට සහභාගි වූ පුද්ගලයකු පහර දී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර මෙම ගැටුම සමථයකට පත් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට ද අයථා බලපෑම් කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු ද පානදුර උතුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පහරදීමට හේතුව කුමක් ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි පානදුර උතුර පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීම සඳහා පානදුර උතුර පොලිසියෙන් කිසිදු අවසරයක් එම නිවාඩු නිකේතනය හෝ එම පාසල ලබාගෙන නොතිබූ බවයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අද (07) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
28
+1
0
+1
13
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?