ගමේ පාසල් තුනක සිසු සිසුවියෝ ජනපති කාර්යාලයට

මහියංගණය මැද යාය මහා විද්‍යාලය, වහකෝට්ටේ මැදබැද්ද මහ විද්‍යාලය සහ කල්මුණේ අල් අසාර් විද්‍යාලයේ සිසු දරුවන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනටද සහභාගී වීමට ඊයේ (24) අවස්ථාව උදාවුණා.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය එක්ව පාසල් සිසුන් උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

එහිදී “Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසුසිසුවියන් දැනුවත් කිරීමක්ද සිදු කෙරුණා.

නව සමාජ පරිවර්තනයක් සමඟ රට ඉහළ තලයකට ඔසවා තැබීමේ රජයේ වැඩපිළිවෙළේදී දරුවන්ටත් වගකීමක් තිබෙන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මෙම අවස්ථාවට සහභාගි වෙමින් ප්‍රකාශ කළා.

රටක සංවර්ධනය සඳහා සියලුදෙනා තමන්ගේ යුතුකම ඉටුකළ යුතු බවත්, ඒ සඳහා විනයක් හා ධාරිතාවක් සහිතව මානව සම්පත රටක සංවර්ධනයට ධනාත්මකව බලපාන බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මෙම වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණයේ වැදගත්කම තහවුරු කරමින් සංකේතාත්මක තිළිණයක් ලෙස පාසල් වෙත වටිනා පැළ ලබාදීම සහ ‘Vision’ සඟරාව පිළිගැන්වීම ද සිදුකෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11