AFC Banner
AFC Banner
Empty Ad

ගප්ටිල්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ භූමිකාව අවසන්

නවසීලන්ත පිතිකරු මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් 38 හැවිරිදි ගප්ටිල්, ලොව පුරා ලීග් තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කරනු ඇති බවයි පවසා ඇත්තේ.

ගප්ටිල් මේ වන විට නවසීලන්තයේ දේශීය T20 තරගාවලිය වන Super Smash හි ඕක්ලන්ඩ් වෙනුවෙන් ක්‍රියා කරන අතර, පකිස්ථාන සුපර් ලීගය සඳහා ද ඔහු ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටිනවා.

ඔහු එක්දින තරඟ 198කදී ලකුණු 7346ක් රැස් කර ඇති අතර, නවසීලන්තය සඳහා එම ආකෘතියේ තෙවැනි වැඩි ලකුණු ලාභියා ද වනවා.

විස්සයි විස්ස ආකෘතියේ තවමත් ඔහු නවසීලන්තයේ වැඩිම ලකුණු ලාභියා වන අතර, විස්සයි විස්ස තරඟ 122 කදී ලකුණු 3531ක් රැස්කරගෙන සිටිනවා.

කෙසේ වෙතත් ඔහුට 2022 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු නවසීලන්ත ජාතික කණ්ඩායමේ ඉඩක් වෙන්වූයේ නැහැ.

මේ අතර වසර ගණනාවක් පුරාවට නවසීලන්ත කණ්ඩායමේ සියලුම සගයන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට ඔහු සිය ස්තූතිය පළකර සිටින අතර, විශේෂයෙන්ම 19න් පහළ මට්ටමේ සිට ඔහුව පුහුණු කළ සහ වෘත්තීය ජීවිතයට අඛණ්ඩ සහයෝගයක් වූ මාර්ක් ඕ ඩොනෙල්ට ඔහු ස්තූතිය පුදකර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමා මන්ත්‍රී අධිකරණයට කරපු අපහාසය - ෆොන්සේකාට දඬුවම් දුන්නේ කැලෑ අධිකරණයකින්
07:34
Video thumbnail
මාලිමා මන්ත්‍රී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
04:13
Video thumbnail
ආණ්ඩුවට හොඳ කියන්නම හදිසියේ කැඳවපු මාධ්‍ය හමුව
17:02
Video thumbnail
ආණ්ඩුව ගැන තද වෙලා කාන්තාවෝ හදිසියේ මාධ්‍ය කැඳවයි
09:37
Video thumbnail
වැඩි මිලට හාල් විකුණලා අතටම මාට්ටු
03:51
Video thumbnail
ට්‍රම්ප් ගහන්න යන අලුත්ම ගේම් එක A TO Z මෙන්න
10:57
Video thumbnail
ඇප ලැබුණා කියන්නේ නිදහස් වුණ එක නෙවෙයි - අදිකරණ ඇමති යෝෂිතට කියයි
04:07
Video thumbnail
හදිසියේ පාරට බැහැපු විශ්ව විද්‍යාල සිසුන් පාරේ සිංදු කියලා නැටුම් නටයි
10:36
Video thumbnail
වන්දි දෙනවද ඇහුවට ඇමති නාමල්ට හොඳටම තදවෙයි
27:07
Video thumbnail
බීලා පාරේ යකා නැටූ බීමත් SI මහත්තයා - වාහන ටික හප්පලා පැනලා ගිහින්
03:37

?