ගප්ටිල්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ භූමිකාව අවසන්

නවසීලන්ත පිතිකරු මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

කෙසේ වෙතත් 38 හැවිරිදි ගප්ටිල්, ලොව පුරා ලීග් තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කරනු ඇති බවයි පවසා ඇත්තේ.

ගප්ටිල් මේ වන විට නවසීලන්තයේ දේශීය T20 තරගාවලිය වන Super Smash හි ඕක්ලන්ඩ් වෙනුවෙන් ක්‍රියා කරන අතර, පකිස්ථාන සුපර් ලීගය සඳහා ද ඔහු ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටිනවා.

ඔහු එක්දින තරඟ 198කදී ලකුණු 7346ක් රැස් කර ඇති අතර, නවසීලන්තය සඳහා එම ආකෘතියේ තෙවැනි වැඩි ලකුණු ලාභියා ද වනවා.

විස්සයි විස්ස ආකෘතියේ තවමත් ඔහු නවසීලන්තයේ වැඩිම ලකුණු ලාභියා වන අතර, විස්සයි විස්ස තරඟ 122 කදී ලකුණු 3531ක් රැස්කරගෙන සිටිනවා.

කෙසේ වෙතත් ඔහුට 2022 වසරේ ඔක්තෝම්බර් මාසයෙන් පසු නවසීලන්ත ජාතික කණ්ඩායමේ ඉඩක් වෙන්වූයේ නැහැ.

මේ අතර වසර ගණනාවක් පුරාවට නවසීලන්ත කණ්ඩායමේ සියලුම සගයන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට ඔහු සිය ස්තූතිය පළකර සිටින අතර, විශේෂයෙන්ම 19න් පහළ මට්ටමේ සිට ඔහුව පුහුණු කළ සහ වෘත්තීය ජීවිතයට අඛණ්ඩ සහයෝගයක් වූ මාර්ක් ඕ ඩොනෙල්ට ඔහු ස්තූතිය පුදකර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40