Empty Ad
AFC Banner
Empty Ad

කෝලිගේ උපන්දිනය සමරන්න කොල්කටා පිටියේ ගිනිකෙළි දල්වද් දී අශ්වයෙක් මිය ගිහින්

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිගේ 35 වන උපන්දින සැමරුම පසුගිය ඉරිදා (05) උත්කර්ෂවත් අන්දමින් කොල්කටා නුවර ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගනයේ දී සමරණු ලැබුවා.

එම සැමරුමේ ප්‍රීතිය දෙගුණ තෙගුණ වුණේ ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමඟ එදින පැවති තරගයේ දී විරාට් කෝලි සිය 49 වන ජාත්‍යන්තර එක්දින ශතක වාර්තා කිරීම හා දකුණු අප්‍රිකා පිළට දරුණු පරාජයක් අත්කර දීමට ඉන්දීය කණ්ඩායමට හැකිවීමත් සමඟයි.

මෙම සුවිශේෂී අවස්ථා තුන සැමරීමට බෙංගාල ක්‍රිකට් සංගමයට (CAB) අවශ්‍ය වූ නිසා ඊඩ්න් ගාර්ඩන් පිටියෙන් පිටත ගිනිකෙළි සංදර්ශනය පැවැත්වීමට ඔවුන් කටයුතු කර තිබුණා.

ඉන්දීය කණ්ඩායමේ ජයග්‍රහණයෙන් පසු ඇරඹු එම ගිනිකෙළි සංදර්ශනය ඉතා අලංකාරවත් ස්වරුපයක් ගත්තා.

එලෙස ගිනිකෙළි සංදර්ශනය පැවැත්වෙන අතර වාරයේ ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයෙන් පිටත සිදුවූ ඉතා අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය අද වාර්තා කර තිබුණා.

ඒ, කොල්කටා මවුන්ටඩ් පොලිසියේ අශ්වයෙකු මෙම ගිනිකෙළි පිපිරවීම හේතුවෙන් හදිසි හෘදයාබාධයකින් මිය යාමේ පුවතයි.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතේ වාර්තාවකට අනුව, මෙම අශ්වයා ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් පිටත රාජකාරියේ යොදවා සිටිය දී මෙලෙස මියගොස් ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වී ඇත්තේ.

අනිමේෂ් චක්‍රබෝර්ති නමැති පොලිස් අශ්වාරෝහකයා සමඟ එම අවස්ථාවේ මෙම අශ්වයා රැඳී සිට ඇති අතර, එලෙස අවාසනාවන්ත ලෙස මිය යනවිට අශ්වයාගේ වයස අවුරුදු 05 යි මාස 10ක්.

මේ අතර බෙංගාල ක්‍රිකට් සංගමයේ ලේකම් නරේෂ් ඕජා ද පැවසුවේ රතිඤ්ඤා පිපිරවීම සඳහා දූෂණ පාලන මණ්ඩලයෙන් සහ කොල්කටා පොලිසියෙන් පූර්ව අවසරයක් ලබාගෙන තිබූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21
Video thumbnail
මට කොස් රොටී මාමා කියලා කතා කරන්න - වඩු මඩුවක් ඇතුළේ දිලිත් කරපු සුපිරි කතාව
10:48
Video thumbnail
අපි දෙයක් කිව්වොත් කිව්වා - අපේ බොරු නෑ - ඇමති සමන්ත සහතික කරලා කියපු කතාව
11:26
Video thumbnail
ගොන් ආතල් ගන්න එපා මහත්තයෝ - ඉත්තෑකන්දේ හිමිට තදවෙයි
05:33
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34

?