කෝප් කමිටුවේ සභාපති පුටුවට නිශාන්ත සමරවීර – පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරුන් ද පත් කෙරේ

විවෘත පාර්ලිමේන්තුවකට මූලා‍රම්භයක් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් ලෙස මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන් පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ; සංසදයේ කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පත් වූ බවයි.

ඊට අමතර ව නියෝජ්‍ය සම සභාපතිවරු සිව්දෙනෙකු ද පත් කර තිබෙනවා.

දස වැනි පාර්ලිමේන්තුව සඳහා නැවත ස්ථාපනය කෙරුණු විවෘත පාර්ලිමේන්තුවකට මූලා‍රම්භයක් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ අභිනවයෙන් රැස්වීම ඊයේ (08) පාර්ලිමේන්තුවේ සිදු වුණා.

මෙහිදී සංසදයේ සම-සභාපතිවරුන් ලෙස අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා විසින් යෝජනා කළ අතර නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා විසින් ස්ථිර කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ස්ථිර කරනු ලැබුවා.

මෙම සංසදයේ කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා තේරී පත්වූ අතර නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල, චන්දන සූරියආරච්චි, එස්. එම්. මරික්කාර් සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් තේරී පත් වුණා.

මෙම සංසදය අමතමින් අභිනවයෙන් පත්වූ සම සභාපතිවරුන් සඳහන් කළේ පාර්ලිමේන්තුව මහජනතාවට සමීප කරලීම වෙනුවෙන් සංසදය හරහා සිදු කළ හැකි සියලු කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එසේම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව ‍තේරී පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04
Video thumbnail
බුලත් අත සම්පූර්ණ වෙන්නේ දුම්කොල තිබ්බොත්.. දැන් දුම්කොලත් අල්ලනවා ඉවරයි ඉවරයි සංස්කෘතිය ඉවරයි..
00:18
Video thumbnail
හොඳට හිතේ තියාගන්න.. ලියලා තියාගන්න.. එළවනවා එළවනවාමයි...
00:11
Video thumbnail
ලපයි සිපයි JVPකාරයොන්ට බය නෑ - මගේ බල්ලව විතරයි තාම අල්ලස් එකට ගෙනාවේ නැත්තේ
07:15
Video thumbnail
වජිරගේ කතාව මැද පිරිසක් බෝඩ් උස්සගෙන වේදිකාවට ආපු පිරිසක් නිසා වෙච්ච දේ..
00:11
Video thumbnail
ලංකාවේ කොහෙන් ඉල්ලුවත් එකෙන්ම දිනනවා කියලා පම්පොරි ගහපු චාමරගේ කතාව..
00:10
Video thumbnail
"නයි, මුගටි ඔක්කොම එකතු කරගෙන මිසක් මේ ආණ්ඩුව එළවන්න බෑ"
00:20
Video thumbnail
මක්කෙලා හු#කෙලා කියලා හැමදාම කෙ#ලා අරිනවා
05:00