Empty Ad
Empty Ad
AFC Banner

කෝප් කමිටුවේ සභාපති පුටුවට නිශාන්ත සමරවීර – පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරුන් ද පත් කෙරේ

විවෘත පාර්ලිමේන්තුවකට මූලා‍රම්භයක් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපතිවරුන් ලෙස මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන සහ ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් යන මහත්වරුන් පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ; සංසදයේ කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා පත් වූ බවයි.

ඊට අමතර ව නියෝජ්‍ය සම සභාපතිවරු සිව්දෙනෙකු ද පත් කර තිබෙනවා.

දස වැනි පාර්ලිමේන්තුව සඳහා නැවත ස්ථාපනය කෙරුණු විවෘත පාර්ලිමේන්තුවකට මූලා‍රම්භයක් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ අභිනවයෙන් රැස්වීම ඊයේ (08) පාර්ලිමේන්තුවේ සිදු වුණා.

මෙහිදී සංසදයේ සම-සභාපතිවරුන් ලෙස අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා විසින් යෝජනා කළ අතර නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා විසින් ස්ථිර කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ස්ථිර කරනු ලැබුවා.

මෙම සංසදයේ කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා තේරී පත්වූ අතර නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල, චන්දන සූරියආරච්චි, එස්. එම්. මරික්කාර් සහ නීතිඥ තුෂාරි ජයසිංහ යන මහත්ම මහත්මීන් තේරී පත් වුණා.

මෙම සංසදය අමතමින් අභිනවයෙන් පත්වූ සම සභාපතිවරුන් සඳහන් කළේ පාර්ලිමේන්තුව මහජනතාවට සමීප කරලීම වෙනුවෙන් සංසදය හරහා සිදු කළ හැකි සියලු කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එසේම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා ඒකමතිකව ‍තේරී පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?