කෝටි 15ක ‘ට්‍රයිටන්’ වාලම්පූරියක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් කෝටි 15ක් පමණ වටිනාකමකින් යුත් “ට්‍රයිටන්” වර්ගයේ වාලම්පූරියක් රුපියල් කෝටි 06ක මුදලකට අලෙවි කිරීමට යාමේ දී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා සහ වාලම්පූරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද (11) අලුයම හැටන් නගරයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

යුධ හමුදා බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් උපාය දූතයෙකු යොදා ගනිමින් වාලම්පූරිය මිල දී ගන්නා මුවාවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා හැටන් සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

වැටලීම සිදුකළ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සඳහන් කළේ වාලම්පූරිය ප්‍රධාන සැකකරුගේ නිවසේ සඟවා තිබූ බවයි.

ඉතා ගැඹුරු මුහුදේ ජීවත් වන මෙම සත්ත්ව විශේෂය “ට්‍රයිටන්” යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අතර, මෙය සන්තකයේ තබාගන්නා පුද්ගලයාට වාසනාව හිමිවන බව ඇතැම් පුද්ගලයින් තුළ විශ්වාසයක් පවතිනවා.

මෙය සහල් තුළ සැඟවීමෙන් පසු පහසුවෙන් කැරකෙමින් ඉහළට පැමිණීමත්, මල් පොහොට්ටුවක් සමීපයට තැබූ විට එය පිපින බව අනුව එහි ගුණාත්මක බව තීරණය කරන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
16
අවුල් වගේ !
9
හරි හිනා !
37
හම්මෝ !
10
මාර දුකයි !
18
මලපනිනව !
11
කුජීතයි !
7
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?