කෝටි පහකට අධික මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයන් දෙදෙනෙක් කටුනායක දී අල්ලයි

කෝටි පහකට අධික “කුෂ් සහ හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශීය සැකකරුවන් දෙදෙනෙක් අද (08) කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරුවන් රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගයෙහි මුළු වටිනාකම රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, හරිත මාවත ඔස්සේ අදාළ මත්ද්‍රව්‍ය තොගය පිටකර ගෙන යාමට තැත් කරමින් සිටි අවස්ථාවේදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 සහ 39 යන වයස්වල පසුවන තායිලන්ත ජාතිකයන්.

සැකකරුවන් සන්තකයේ තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 496ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 641ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එහිදී ඔවුන් විසින් රැගෙන එන ලද ගමන් මලු දෙකෙහි විටමින් අඩංගු බඳුන් 16ක් තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය සඟවා ගෙනවිත් ඇති අතර, හෂීෂ් මත්ද්‍රව්‍ය බාහිරින් “මිදි තලපයක්” ( Black Current Phast ) ආකාරයට සකස් කර එය පොලිතින්වල බහා ගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරුවන් දෙදෙනා අද (08) අලුයම 12.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46