අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවල ජල සැපයුම අද (06) රාත්‍රී 10.00 සිට හෙට (07) පෙරවරු 5.00 දක්වා පැය 7ක කාලයකට තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව වැල්ලවත්ත සහ පාමංකඩ ප්‍රදේශවල ජනතාව අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙසත්, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙන අතර මෙම අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අපහසුතාව සම්බන්ධයෙන් මණ්ඩලය කණගාටුව ද පළ කර තිබෙනවා.













