කොළඹට මුහුදු සැතපුම් කිහිපයක් නුදුරේදී චීනයේ සිට ඉරානයට ගිය නැවකට ඇමෙරිකානු හමුදාව ගොඩ බසී

ශ්‍රී ලංකාවේ වෙරළට සැතපුම් සිය ගණනක් ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී ඉන්දියානු සාගරය ඔස්සේ චීනයේ සිට ඉරානය බලා යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඇමෙරිකානු හමුදා විසින් වටලනු ලැබූ බව වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙබ් අඩවිය වාර්තා කරනවා.

අදාළ වාර්තාවේ දැක්වුණේ මෙය එක්සත් ජනපදය කලාතුරකින් භාවිත කරන තම විරුද්ධවාදීන්ට එරෙහි ආක්‍රමණශීලී සමුද්‍රීය උපක්‍රම ට්‍රම්ප් පරිපාලනය විසින් භාවිත කරනු ලැබීමක් බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.
වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාවට අනුව මෙම මෙහෙයුම නොවැම්බර් මාසයේදී සිදු ව තිබෙනවා.

එය වසර ගණනාවක් තිස්සේ වොෂින්ටනය අනුගමනය නොකළ ක්‍රියාමාර්ගයක් බව වාර්තාවේ සඳහන්.

ඉරානයේ සාම්ප්‍රදායික අවි සඳහා ප්‍රයෝජනවත් විය හැකි ද්‍රව්‍ය ඇමෙරිකානු හමුදා භාරයට ගත් බව එක්සත් ජනපද නිලධාරියෙක් උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තා කර තිබෙනවා.

එක්සත් ජනපද බුද්ධි අංශ මාස ගණනාවක් තිස්සේ නැව්ගත කිරීම නිරීක්ෂණය කරමින් සිටි බව වාර්තාවේ සඳහන්.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ විශේෂ මෙහෙයුම් බලකායන් සම්බන්ධ වූ ක්‍රියාමාර්ගයෙන් පසුව නෞකාවට ඉදිරියට යාමට අවසර දුන් බවයි.

අදාළ වැටලීම, ජුනි මාසයේදී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ටෙහෙරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට දැඩි හානියක් සිදු කිරීමෙන් පසු ඉරාන මිසයිල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ මිලිටරි ප්‍රසම්පාදන උත්සාහයන් කඩාකප්පල් කිරීමට පෙන්ටගනය ගනු ලැබූ උත්සාහයක පියවරක් බවද වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාවේ සඳහන්.

ඉරානය දැඩි ඇමරිකානු සම්බාධක යටතේ පවතින රටක්.

ටෙහෙරානය සමඟ ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු වන බීජිනය, එක්සත් ජනපද සම්බාධක නීති විරෝධී යැයි නිතිපතා පැවසුවද, ඉරානය හෝ චීනය වෝල් ස්ට්‍රීට් ජර්නල් වාර්තාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23