Empty Ad
AFC Banner
Empty Ad

කොස්තාපල්ලා තිදෙනෙකුත් අත් අඩංගුවට

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තව ත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මගින් ඔවුන් තිදෙනා මහනුවර, කුණ්ඩසාලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය.

ඊට පෙර අදාළ වෙඩි තැබීමට අණ දුන් බව කියන රඹුක්කන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ, නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?