AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් ආසාදනයවී නිවෙස්ගතව සිටින රාජ්‍ය සේවකයින්ට විශේෂ සහනයක්

කො‍රෝනා ආසාදනය වී නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයින්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සහ ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී.

මීට පෙර රාජ්‍ය සේවකයින් කොරෝනා ආසාදනයවී ජීවිත අහිමිවීම හා රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේදී අග්‍රහාර වන්දි ගෙවීමේ ක්‍රමය 2021 අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කෙරුණා.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීම්වල පවතින ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර සිටියා.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින අකටයුතුකම් සම්බන්ධයෙන් සොයා බලන බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇති මෙවැනි කාල වකවානුවක රාජ්‍ය ආයතන තුළ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දැනුවත් කර ඇති බව ද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔරුවක නැගලා මහ වැස්සේ දීගෙක යන ජෝඩුව #couple #viralnews #shortvideo #1millionaudition
00:04
Video thumbnail
මාන්නප්පෙරුමඅයින්වුනා කිව්වාම මම Shok වුණා #sjb #short #vrall
00:16
Video thumbnail
හිරුණිකා අයින් වෙලා කියලා මම දන්නේ නෑ #sajithpremadasa #hirunika_premachandra ##sjb
03:38
Video thumbnail
සජබය ට පාර්ලිමේන්තු මැතිවරණය දිනන්න ඕනි නම් කළ යුතු දේ හිරුණිකා කියයි #hirunika_premachandra #sjb
01:56
Video thumbnail
අතුරුදහන් වුණ පුද්ගලයන් ගැන හොයන්න ආණ්ඩුවට සදාචාරාත්මක වගකීමක් තියෙනවා
02:39
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය සංවේදීව මාධ්‍යට කිව්ව කතාව #keheliyarambukwella
05:04
Video thumbnail
ජනපති අනුරගේ හොඳ කියන හිරුණිකා - කළකිරුනු හිරුණිකා සජබ පැටිකිරියම දිගහරී
02:27
Video thumbnail
මේ ආණ්ඩුවත් ජනතාවට සහන දෙන්නේ නෑ - දින දෙක තුනක් බිත්තර අඩුවුණා
02:55
Video thumbnail
සජිත්ගේ පරාජයට හේතුව හරුණිකා මාධ්‍යට කියයි - පුතාණෝගේ සායම එළිපිටම විනාසයි #sajithpremadasa #sjb
03:53
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන තත්ත්වයක් තියෙන්නේ #npp #akd #anurakumaradissanayake
01:19

?