කොවිඩ් ආසාදනයවී නිවෙස්ගතව සිටින රාජ්‍ය සේවකයින්ට විශේෂ සහනයක්

කො‍රෝනා ආසාදනය වී නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයින්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සහ ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී.

මීට පෙර රාජ්‍ය සේවකයින් කොරෝනා ආසාදනයවී ජීවිත අහිමිවීම හා රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේදී අග්‍රහාර වන්දි ගෙවීමේ ක්‍රමය 2021 අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කෙරුණා.

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ද මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීම්වල පවතින ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කර සිටියා.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින අකටයුතුකම් සම්බන්ධයෙන් සොයා බලන බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇති මෙවැනි කාල වකවානුවක රාජ්‍ය ආයතන තුළ වියදම් සීමා කිරීම සම්බන්ධයෙන් මේ වනවිට දැනුවත් කර ඇති බව ද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14