චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේ දී මොවුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මොවුන් අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම චීන ජාතිකයින් සන්තකයේ තිබී පරිගණක 15ක් සහ ජංගම දුරකථන 15ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.













