චරිත් අසලංකගෙන් වේගවත් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා පන්දුවාර 20-20 කණ්ඩායමේ නායක චරිත් අසලංක අද සිය 06 වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කළා.

පන්දු 28ක් තුළ චරිත් රැස්කළ මෙම අර්ධ ශතකයට අලංකාර හතරේ පහර 07ක් සහ දැවැන්ත හයේ පහරක් ඇතුළත් වුණා.

මේ අතර සිය දෙවන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් රැස්කරගෙන සිටිය දී දැවී ගියා.

කමිඳු සහ චරිත් අසලංක ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ලට වටිනා සබඳතාවක් ගොඩනැඟුවා.