කොලොන්නාව වෙළඳ සැලක් ඉදිරිපිට ඇඟ කිළිපොළා ගිය වෑන් රථ අනතුර

වැල්ලම්පිටිය මෙගොඩ කොලොන්නාව වෙළඳ සැලක් ඉදිරිපිට නවතා තිබූ වෑන් රථයක් පණගැන්වීමේ දී එකවරම ඉදිරියට ඇදීගොස් එම ස්ථානයේ සිටි පිය පුතු වෙත කඩා වැදීමත් සමගම පියා ඉවතට පැන දිවි බේරා ගත් අතර දස හැවිරිදි වියේ පමණ පසුවන කුඩා දරුවා වෑන් රථයට යට වි තුවාල ලබා රෝහල් ගත කළ බව වැල්ලම්පිටිය පොලීසිය පවසයි.

මෙම අනතුර වන අවස්ථාවේදී වෑන් රථය තුළ කුඩා දරු දෙදෙනකු සහ කාන්තාවක්ද සිටියද ඔවුන්ට කිසිදු තුවාලයක් වී නැතැයි පොලීසිය කියයි.රියදුරු වෑන් රථය වෙත පැමිණ පණ ගැන්වීමට සූදානම් වන අවස්ථාවේදී වෙළඳසැල අසලම ඉහළ පියගැටපෙළ අසල සිටි තුවාල ලද කුඩා දරුවා පියගැට පෙළින් බැස පියා අසලට පැමිණ ඔහුගේ අතේහි එල්ලෙනවාත් සමඟම වෑන් රථය ඉතා වේගයෙන් පැමිණ කුඩා දරුවා සහ මෙන්ම යතුරු පැදියක් ද යට කරගෙන පියගැටපෙළ ඉහළටම පැමිණ කඩා වැදි වෙළඳසැලේ හි බිත්තියේ වැදී පෙරලී ගොස් තිබූ බව පොලිසිය කියයි

අනතුරින් වෑන් රථයට වෙළඳසැල ඉදිරිපිටට සහ යතුරු පැදියකට බරපතල අලාභ සිදු වී ඇත

තිරිංග පෑගීම වෙනුවට රියදුරුට ඇක්සලේටරය පෑගීමේ හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් දරුවාට බරපතළ තත්ත්වයක් නැතැයි පොලිසිය සඳහන් කරයි

වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැර ඇති අතර එළඹෙන බදාදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !