Fly high Get bonus Aviator Phone

කොරෝනා රෝගයට අනියත බියක් ඇතිකරගන්න එපා – රාජ්‍ය අමාත්‍ය සිසිර

කොවිඩ් සම්බන්ධව අනියත බියක් ඇතිකර නොගත යුතු බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

ඒ, (26) දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

කොවිඩ් හේතුවෙන් මානසිකව බියට පත්වී දැඩි සංකූලතාවන්ට ලක්වන පිරිස් සිටින බව‍යි ඒ මහතා පවසන්නේ.

කොරෝනා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම් මරණ සිදු වීම් වාර්තා වුවද මෙම රෝගයට බිය වීම නිසා මරණයට පත්වන පිරිසක්ද නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

කොරෝනා රෝගයෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම මූලික කටයුත්ත වන බවත් රෝගය වැළඳුනද ඒ වෙනුවෙන් සිදු කිරීමට ප්‍රතිකර්ම ඇති බව අමතක නොකළ යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

එබැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, පෞද්ගලික ආයුර්වේද රෝහල් පවත්වාගෙන යන රෝහල් වලට කොවිඩ් රෝගීන් ඇතුලත් කිරීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කරමින් ඇති බවයි ඔහු පවසන්නේ.

මේ අතර, කොවිඩ් රෝගීන් 100 දෙනකුට පමණ නේවාසිකව ප්‍රතිකාර ලැබීමේ පහසුකම් ඇති සඳහා තවත් ආයුර්වේද ප්‍රතිකාර ඒකකයක් රාජගිරිය ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ දී ඊයේ දින විවෘත කරනු ලැබුවා.

කොවිඩ් ප්‍රතිකාර සේවා සඳහා විශේෂ පුහුණුවක් ලද උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය කාසල්වීදිය කාන්තා රෝහලේ වෛද්‍ය අධීක්‍ෂණය ද ඇතිව ඒකාබද්ධව මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

https://youtu.be/n_PBgLFe_WM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉස්සර ලොකු ලොක්කෝ පැදපු සුඛෝපභෝගී වාහන උණු කැවුම් වගේ වෙන්දේසි වුණු හැටි
03:30
Video thumbnail
ජනාධිපති මොනවා කිව්වත් විපක්ෂය ගේමට බැහැලා ඉන්නේ - මෙන්න වෙන්න යන දේ
03:40
Video thumbnail
සමන් රත්නප්‍රිය ආණ්ඩුවට දෙසන හැටි
05:29
Video thumbnail
සජිත් මාධ්‍ය හැර යද්දී -මරික්කාර් කොටුවෙයි - මෙන්න සැරටම කියපු දේවල්
02:56
Video thumbnail
ජනාධිපතිට එරෙහිව කළ ආන්දෝලනාත්මක කතාව නිසා තුසිත හල්ලොලුව CID වෙත කැඳවයි
02:15
Video thumbnail
ඊයේ ජනාධිපතිතුමාගේ කතාව ලෙෆ්ට් වෙන්න මුජිබුර් කරපු කතාව
07:47
Video thumbnail
තිස්ස විහාරය ඉස්සරහ ඩෙගා නටනවා - විමල් රටම හෙල්ලිලා යන කතාවක් කියයි
15:10
Video thumbnail
උන්ට කොමිස් ගහන්න අපි විදුලි බිල ගෙවන්න ඕනේ නැහැ - විමල් දුම්මල වරම අතට ගනියි
11:45
Video thumbnail
ටිල්වින් සහෝදරයා අවුරුදු 7 ක් හිරේ, ඒක අමතක කරන්න බෑ
17:25
Video thumbnail
විපක්ෂය සහාය දෙන්න පළාත් පාලන පිහිටුවන්න - නකුටට ඕනේ විදිහට බල්ලා නටවන්න හදන්න එපා
10:16

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?