කොරෝනා රෝගයට අනියත බියක් ඇතිකරගන්න එපා – රාජ්‍ය අමාත්‍ය සිසිර

කොවිඩ් සම්බන්ධව අනියත බියක් ඇතිකර නොගත යුතු බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

ඒ, (26) දින මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

කොවිඩ් හේතුවෙන් මානසිකව බියට පත්වී දැඩි සංකූලතාවන්ට ලක්වන පිරිස් සිටින බව‍යි ඒ මහතා පවසන්නේ.

කොරෝනා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම් මරණ සිදු වීම් වාර්තා වුවද මෙම රෝගයට බිය වීම නිසා මරණයට පත්වන පිරිසක්ද නිර්මාණය වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.

කොරෝනා රෝගයෙන් ප්‍රවේශම් වීමට අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම මූලික කටයුත්ත වන බවත් රෝගය වැළඳුනද ඒ වෙනුවෙන් සිදු කිරීමට ප්‍රතිකර්ම ඇති බව අමතක නොකළ යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

එබැවින් අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, පෞද්ගලික ආයුර්වේද රෝහල් පවත්වාගෙන යන රෝහල් වලට කොවිඩ් රෝගීන් ඇතුලත් කිරීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කරමින් ඇති බවයි ඔහු පවසන්නේ.

මේ අතර, කොවිඩ් රෝගීන් 100 දෙනකුට පමණ නේවාසිකව ප්‍රතිකාර ලැබීමේ පහසුකම් ඇති සඳහා තවත් ආයුර්වේද ප්‍රතිකාර ඒකකයක් රාජගිරිය ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ දී ඊයේ දින විවෘත කරනු ලැබුවා.

කොවිඩ් ප්‍රතිකාර සේවා සඳහා විශේෂ පුහුණුවක් ලද උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය කාසල්වීදිය කාන්තා රෝහලේ වෛද්‍ය අධීක්‍ෂණය ද ඇතිව ඒකාබද්ධව මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය පවත්වාගෙන යන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

https://youtu.be/n_PBgLFe_WM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43