Fly high Get bonus Aviator Phone

කොරෝනා නිසා මෙතෙක් රටට පාඩුව බිලියන 1500ක්

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ගතවූ වසරක පමණ කාලයේ දී ශ්‍රී ලංකාවට සිදු වූ ආර්ථික හානිය රුපියල් බිලියන 1500ක් පමණ වන බව මුදල් අමාත්‍යාංශය ලේකම් එස් ආර් ආටිගල මහතා සඳහන් කරයි.

2020 මාර්තු මාසයේදී කොරෝනා වසංගතය මෙරට ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා ඒ සඳහා විවිධ වියදම් දරා තිබේ.

එන්නත් මිලදී ගැනීම, සහන සේවා, තාක්ෂණික සේවා සැපයීම, ප්‍රතිකාර මධ්‍යස්ථාන නිරෝධායන මධ්‍යස්ථාන නඩත්තුව රජයේ නව වියදම් ලැයිස්තුවට එක් වූ බවද ඒ මහතා සඳහන් කළේය.

නමුත් ඊට සාපේක්ෂව රටේ ආර්ථික වර්ධනය අඩාල වී ඇති බවත් 2020වසරේ අපේක්ෂා කළ ආර්ථික වර්ධනය 5%ක් වූ වුවද ලැබුණු ආර්ථික වර්දනය -4% වූ බවත් ඔහු කියා සිටියේය.

එම කාලයේ දී සංචාරක ආදායම් මෙන්ම සෙසු අපනයන ආදායම් මුලින් ලැබෙන ආදායම පහළ ගිය බවත් පෙන්වා දුන් ඔහු එම සියලූ තත්ත්වයන් මත කොරෝනා වසංගතය හේතුවෙන් ජාතික ආර්ථිකයට මෙතෙක් සිදු වූ හානිය රුපියල් බිලියන 1500ක් පමණ යයිද තව දුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?