spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොන්ගොඩරනාගේ බිරිඳගේ නිවසේ තිබු සොයාගත් අමුතු භාණ්ඩේ

තඹවිට ගුරුන්නාන්සේලාගේ ලසන්ත පද්මලාල් නොහොත් කොන්ගොඩ රනාගේ බිරිඳට අයත් තිස්සමහරාම සේනෛපුර පිහිටි පාළු නිවසක තිබී ජීව අත් බෝම්බයක් තිස්සමහරාම පොලිසිය විසින් පෙරේදා ( 25 දා ) සොයා ගෙන තිබේ.

අපරාධ කිහිපයකට සම්බන්ධ යැයි කියන කොන්ගේඩරන් මේ වනවිට වසර කිහිපයක සිට අතුරුදන්ව සිටින අතර ඔහු බිරිඳ සමග පදිංචිව සිටි බිරිඳට අයත් යැයි කියන වල්බිහිවී ඇති ඉඩමේ තිබී මෙම ජීව අත් බෝම්බය හමුවිය . එම ඉඩම එළි පෙහෙළි කිරීමට කාගොඩ රනාගේ බිරිඳගේ මව ගිය අවස්ථාවෙහි ගේට්ටුව අසල ගෙවත්තෙහි කපන ලද උණ ගසක් අසළ සැක කටයුතු පාර්සලයක් තිබී පොලිසියට දන්වා තිබේ . ලැබුණු තොරතුරට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේ දී ජීව අත් බෝම්බයක් බවට පොලිසිය තහවුරු කරගෙන තිබේ . මේ සම්බන්ධයෙන් තිස්සමහරාම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?