කොටි සාමාජිකයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

කොළඹ ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු කොටි සාමාජිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා.

මෙසේ දඬුවම් නියම වුයේ තංගවේලු නිමලන් නමැත්තෙකුටයි.

2009 වසරේ රත්මලාන ප්‍රදේශයේදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් සී-4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1 1/2ක් හා ජීව උණ්ඩ ලඟ තබාගත් බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළා.

ඒ, අනුව විත්තිකරුට ජීවීතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කරන බවත් තීන්දුව ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිල සුනඛයන් ගෙනල්ලා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පරීක්ෂා කරයි
01:11
Video thumbnail
නිල සුනඛයන් ගෙනල්ලා මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හදිසියේම පරීක්ෂා කරයි
03:00
Video thumbnail
ලංකාවට වෙන්න යන මහ විනාශය මෙන්න..සුජීව එකින් එක හෙළිකරයි..රට පාලනය කරන්නේ කළු කඩ කාරයෝ
07:27
Video thumbnail
මාධ්‍යවේදීන්ට පොලිසියෙන් තර්ජන - මට ලංකාවේ ජාතික ආරක්ෂාව ගැන සැකයි..
02:02
Video thumbnail
රාජපක්ෂලා හොරකම් කරපුවා ලාල්කාන්ත ගාවද තියෙන්නේ ?..මාලිමාවේ 159 විතරක් පෝසත්වෙලා හරියන්නේ නෑ
04:20
Video thumbnail
මහින්දගේ වත්කම් බැරකම් නාමල් හෙළිකරයි ?අපිට හංඟන්න දෙයක් නෑ..
01:59
Video thumbnail
ජොන්ස්ටන් බලලා අවුරුද්දට සුබ පතන්න ආ නාමල්..ජනපති මේකට වගකියන්න ඕනි..මේකේ පාඩුව කාටද ?
03:08
Video thumbnail
අපේ මීළඟ ආණ්ඩුව යටතේ ඔයාලා සිරගෙවල්වල ඉන්න සූදානම් වෙන්න..අපි කියන්නේ බොරු නෙවෙයි
02:33
Video thumbnail
ලොකුම සුනාමිය වදින්නේ තව මාස තුන හතරකින්..ආණ්ඩුවටම ඉල්ලා අස්වෙන්න වෙන්නේ
02:19
Video thumbnail
"මේ වයසක් නෑ තට්ටේ පෑදිලානේ" මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දකින්න ගිය පොලිස්පති..
04:50