කෝටි ගණනින් සල්ලි අරන් මිනිසුන් රැවටූ හොර වෙදා අත්අඩංගුවට

වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකල අයෙක් සහ ඔහුගේ සහයකයින් දෙදෙනක් අත්අඩංගුවට ගැනිමට කළුතර දකුණ නොවිසදුනු අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර , ගුරුදෙනිය සහ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි 31, 33 සහ 38 වියැති පුද්ගලයන් තිදෙනෙක් බව පොලිසිය පවසනවා.

දිවයිනේ පොලිස් ස්ථාන රැසකට ලද පැමිණිලි සියයකට අධික ප්‍රමාණයක් සැලකිල්ලට ගෙන කළුතර දකුණ නොවිසදුනු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රී රංගා ඇතුළු නිළධාරීන් මහනුවර පේරාදෙණිය ප්‍රදේශයේ නිවස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අථුඉ බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන සැකකරු තමන් වෛද්‍යවරයෙක් බවත් විදෙස් පරිත්‍යාගශීලියෙක්ගෙන් ලද ආධාර මත ලැප්ටොප් යන්ත්‍ර තොග වශයෙන් මිළදී ගැනීමට කටයුතු කරන බවත් පවසමින් වෙළදසැල් වලින් අධික මිළ ගනන් යොදා මිළගණන් පත් ගෙන්වාගෙන තිබෙනවා.

පසුව නැවත එම වෙළෙඳසැල් සඳහා කතාකොට පරිත්‍යාගය සිද කරදෙන අතරමැදියාට සන්තෝෂම් මුදල් ලබාදිය යුතු බව පවසමින් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම සන්තෝසම් මුදල් ලබාගැනීමෙන් පසු දුරකථනද විසන්ධි කර ඇති බව පැමිණිලිකරුවන් විසින් පොලිසියට පැමිණිලිකර තිබෙනවා.

කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ පෞද්ගලික පරිගණක විකුණුම් ආයතනයකින් වංචනික ලෙස මෙම කණ්ඩායම මුදල් ලබාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත සහ කළුතර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් ඔහුගේ නම භාවිතා කරමින් මොවුන් කළුතර ප්‍රදේශයේ විවිධ ආයතනවලින් මුදල් එකතු කිරීම් සිදුකර ඇති බවටත් ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය මෙම විමර්ශන කටයුතු ආරම්භ කළ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව පොලිසිය විසින් සැකකරුවන්ගේ දුරකථන වාර්තා සහ බැංකු ගිණුම් වාර්තා ලබාගෙන සිදුකල විමර්ශන වලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන් සන්තකයේ මෙම ජාවාරම් සඳහා භාවිතා කරන ලද බැංකු පාස් පොත් 05 ක්, බැංකු කාඩ්පත් 06 ක් සහ නීත්‍යනුකූල නොවන වායු රයිෆලයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීම නියමිත අතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශනයන් සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17