කෙතරම් අසත්‍ය ප්‍රවෘත්ති පැතිරුව ද, කිසිදු ලෙසකින් රක්ෂිත බන්ධනාගාරගත කළ ප්‍රසිද්ධ රූපවාහිනී මාධ්‍ය නාලිකාවේ හිමිකරුගේ සහෝදරයාට ජනාධිපති සමාව නොදෙන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසනවා.
අද (04) පාර්ලිමේන්තු සැසි වාරයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, වර්තමාන රජය අධිකරණය ස්වාධීනත්වයට පත් කර ඇති බවත්, එබැවින්, ආණ්ඩුවේ ක්‍රියාවලිය අඩපණ කිරීමට ඇතැම් ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවක් කෙතරම් උත්සාහ දැරුව ද එය නිශ්ඵල වෑයමක් බවයි.
තම රජය බලයට පත්වීමට පෙර වසර එකහමාරකට ආසන්න කාලයක් බොරු අසනීපයක් මවා පාමින් ධනය හා බලය අයුතු ලෙස උපයෝගී කරගනිමින්, බන්ධනාගාර රෝහලේ සිටි බවත්, පසුව වත්මන් රජයේ ක්‍රියාපටිපාටියට අනුව විශේෂ වෛද්‍ය මණ්ඩලයක් සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ව පත් කර, අදාළ මාධ්‍ය නාලිකාව හිමිකරුගේ සහෝදරයාට කිසිදු අසනීපයක් නොමැති බවට තහවුරු කරගැනීමට කටයුතු කළ බව ද අධිකරණ අමාත්‍යවරයා අවධාරණය කළා.
ඒ හේතුවෙන් අධිකරණ ස්වාධිපත්‍යය මත නිසි සාධාරණ දඬුවම් පමුණුවීමට යළි අදාළ තැනැත්තාව රක්ෂිත බන්ධනාගාරගත කිරීම වත්මන් රජය බලයේ සිටියදී සිදු වූ බව ද අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වැඩිදුරටත් කියා සිටියා.