කොකේන් භාවිතය තහවුරු වීම හේතුවෙන් සුපසිද්ධ ඕස්ට්‍රේලියානු ටෙනිස් ක්‍රීඩක නික් කිරියෝස්ට (Nick Kyrgios) ටෙනිස් ක්‍රීඩාවෙන් තාවකාලික තහනමක් පනවා තිබෙනවා.
පසුගිය ජුනි මාසයේදී මල්ලෝර්කා (Mallorca) හි පැවති ATP 250 තරගාවලිය අතරතුර ලබාගත් සාම්පලයක් පරික්ෂා කිරීමෙන් අනතුරව ඔහු කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුවේ සටහනක් එක්කරමින් නික් සඳහන් කර ඇත්තේ ”විශාල අත්වැරැද්දක්බ සිදු වූ බවත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම භාර ගන්නා බවයි.
ජාත්‍යන්තර ටෙනිස් අඛණ්ඩතා නියෝජිතායතනය (ITIA) විසින් අද (19) දින මොහුට එරෙහිව මෙම තහනම පනවනු ලැබුවා.
නික් කිරියෝස්ට මේ වන විට 31 හැවිරිදි වියේ පසු වනවා.













