ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින බෝවතැන්න ජලාශය සම්පූර්ණයෙන් හිස්කිරීමට සැලසුම් කර තිබෙනවා.
බෝවතැන්න ජලාශයේ ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න ඇතුළු බෝවතැන්න ජලාශ කාර්ය මණ්ඩලය විසින් සැලසුම් කර ඇති පරිදි එම ජලාශය සම්පූර්ණයෙන් හිස්කොට ජලාශයේ සම්පූර්ණ ධාරිතාව මැනුම් කිරීමට නියමිතයි.
මෙම වැඩසටහන එළඹෙන 24 වෙනි දින සිට සැප්තැම්බර් 14 වන දා දක්වා ක්‍රියාත්මක කරන බව බෝවතැන්න කාර්යභාර ඉංජිනේරුවරයා සදහන් කළා.
මෙහිදී කලා වැව ද්‍රෝණියට ජලය ලබා දෙන ප්‍රධානය ඇල මාර්ගය මේ වනවිට මීටර් හතරක් වැසී ඇති නිසා එම නඩත්තු කටයුත්ත ප්‍රමුඛව ජලාශ ගේට්ටු වැවේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරමින් බෝතැන්න ජලාශයේ වසර පනහක ඉතිහාසයේ පළමු නඩත්තු දැවැන්ත නඩත්තු කටයුත්ත වශයෙන් මෙය ක්‍රියාවට නංවන බව බෝතැන්න කාර්යභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නව රත්න මහතා පවසා සිටියා.
වැව පතුලටම ජලය හිස් කරන බවත්, මෙම අවස්ථාවේදී ජලාශය වෙත බැසීමෙන් වලකින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.













