කෙහෙළියගෙ කාලේ වූ තවත් ඹෟෂධ මගඩියක් ගැන කෝප් කමිටුවේදී අනාවරණයක්

ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව 2022 වසරේ දී Savorite නමැති පුද්ගලික සමාගමට ඖෂධ වර්ග 38 ආනයනය කිරීම සඳහා ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික නිකුත් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා.

එමෙන්ම මෙම Savorite නැමැති පුද්ගලික සමාගම මෙලෙස ඖෂධ ආනයනය කිරීම සඳහා තෝරාගැනීමට උපදෙස් ලබාදුන්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා බව හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කාරක සභාවට දන්වා සිටියා.

මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2022, 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට දෙවැනි දිනටත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් පසුගිය 26 වනදා පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

2022 වසරේ දෙසැම්බර් මාසේ 30 ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනායාචිත යෝජනා හරහා ඉදිරිපත් වූ ඖෂධ වර්ග 38 ආනයනය කිරීම Savorite නමැති පුද්ගලික සමාගමක් වෙත ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික නිකුත් කර ඇත්තේ ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව බව කාරක සභා සභාපතිවරයා සභාව දැනුවත් කළා.

එම ඖෂධ වර්ගවල ගුණාත්මක බව, ආරක්ෂාකාරී බව හා ප්‍රත්‍යක්ෂ බව (Quality, Safety, efficacy) සඳහා වගකීම ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමේ අරමුණ බවත් වෛද්‍ය සැපයුම් අංශයට එය භාරදිය නොහැකි බවත් පවසමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය එහි වගකීම අත්හැර දමා ඇති බව කාරක සභා සභාපතිවරයා පැවසුවා.

එහිදී අදහස් දැක්වූ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, තමන් සඳහා ලැබුණු අදාළ ඉල්ලීම, විශේෂ ක්‍රමවේදයකට (Special pathway) ඖෂධ ආනයනය කිරීම යටතේ පූර්ව අනුමතියක් සහිතවම වීම හේතුවෙන්, නිසි ඇගයීමක් සිදුනොකර අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ සඳහා අවසර ලබාදීමට නොහැකි බැවින් වගකීම බාරනොගත් බව පැවසුවා.

ඒ, අනුව මේ පිළිබඳව කාරක සභාවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර , එහිදී මාස 03ක් සඳහා හිඟ ඖෂධ ආනයනය කිරීම සඳහා Savorite නමැති පුද්ගලික සමාගම තෝරාගැනීමට උපදෙස් ලබාදීම සිදු කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා බව කාරක සභාවට අනාවරණය වුණා.

මේ අතර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2022 සැප්තැම්බර් 26 දිනැති ව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳව ද කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා වුණා.

මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සභාපතිවරයා අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කළ දින සිට ඉදිරි සති 03ක් කාලය තුළ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් ශුන්‍ය මට්ටමකට ළඟාවිය හැකි බව සඳහන් වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදුන් නිලධාරීන් ඖෂධ වර්ග සම්බන්ධයෙන් පවතින දත්ත පද්ධතියෙන් ලබාගත් තොරතුරු අනුව එම තොරතුරු අමාත්‍ය මණ්ඩල සංදේශයට එක් කර ඇති බව පැවසුවා.

කෙසේ වෙතත් එලෙස එකවර ඖෂධ වර්ග විශාල සංඛ්‍යාවක් ශුන්‍ය මට්ටමකට ලඟාවීම පිළිගත නොහැකි බවත්; එලෙස ශුන්‍ය මට්ටමකට පැමිණෙන තෙක් ආදාළ වගකිව යුතු නිලධාරීන් වගකීම් විරහිත කටයුතු කර ඇති බවත් සභාපතිවරයා මෙහිදී පැවසුවා.

එහිදී අදහස් දැක්වූ විගණකාධිපතිවරයා, පෙර ඇණවුම් කර ලැබීමට නියමිතව තිබු ඖෂධ වර්ගද ශුන්‍ය මට්ටමකට ලඟා වී ඇති ඖෂධ වර්ග ලෙස හුවාදක්වමින් එම ඖෂධ ද ආනයනයට කටයුතු කර ඇති බව ප්‍රකාශ කළා.

මේ අනුව මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් කිරීමට සම්බන්ධ වූ නිලධාරීන් කවුද යන්න පිළිබඳව පූර්ණ වාර්තාවක් කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම මෙම ඖෂධ වර්ග ආනයනය සම්බන්ධයෙන් පූර්ණ වර්තාවක් කාරක සභාව මඟින් සකස් කර පාර්ලිමේන්තුව යොමු කරන බවත් ඉන් අනතුරුව අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගනු ලබන බවත් සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56