කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ ගැටලු නිරාකරණයට කෘෂි ලේකම් කාර්යාලයක්

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමින්.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ හා සම්බන්ධව සිටින ජනාධිපති කාර්යාලයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ අනෙකුත් රේඛීය අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් හා සමාන්තර ශ්‍රේණිවල නිලධාරින් මෙම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය සඳහා නම් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතු සඳහා පුද්ගලික අංශය ද දායක කර ගැනීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා.

මේ වන විට ත්‍රිවිධ හමුදාව ද කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ අනුගතව කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

තේ, පොල්, රබර්, වී, කුරුඳු, ධීවර වැනි ක්ෂේත්‍රවල සිදුකරන ලද පර්යේෂණ අනුසාරයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කර ඇති ක්‍රියාකාරකම් ද ඇතුළත් කරමින් මෙම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරකම් එළිදක්වන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නා.

මෙහිදී රාජ්‍ය අංශයේ මඟපෙන්වීම හා තාක්ෂණික සහාය ඇතිව පෞද්ගලික අංශය ද දායක කර ගනිමින් පළාත් පාලන ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම සහ එහි වැඩකටයුතුවල ප්‍රගතිය ලබන ජුලි මාසය වන විට තමන් වෙත වාර්තා කරන ලෙසටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

එමෙන්ම මෙම කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමට අදාළ ඉල්ලීම් මෙම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එමගින් සුදුසු විසඳුම් යෝජනා කර තමන් වෙත ලබා දෙන ලෙස ද වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබුවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත්කරන ලද කෘෂි නවීකරණය කමිටුව විසින් කෘෂිකර්ම නවෝත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළව ගනු ලැබූ තිරණ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණා.

මෙම කෘෂි නවෝත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පෞද්ගලික අංශයේ විද්වතුන්, පර්යේෂකයන් මෙන්ම රාජ්‍ය යාන්ත්‍රනය තුළ විෂය පිළිබඳ අත්දැකීම් බහුල නිලධාරීන් සහ තරුණ ප්‍රජාව ද සහභාගී කරවා ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

වැවිලි කර්මාන්ත, ධීවර කර්මාන්තය, මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්ත, විසිතුරු මල් පැල වගාව, එළවළු, පලතුරු හා ධාන්‍ය වර්ග නිෂ්පාදන කර්මාන්ත, කිරි, බිත්තර නිෂ්පාදනය ඇතුළු සියලු ක්ෂේත්‍ර නවීකරණයට ලක් විය යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.

2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා කෘෂි අංශය තුළ සිදු කළ යුතු නවීකරණ වැඩපිළිවෙල පිළිබඳ අදාළ ක්ෂේත්‍රයන්හි ව්‍යාපාරික ප්‍රජාව ද සම්බන්ධ කර ගනිමින් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද උප කමිටු හරහා සාකච්ඡා කර ගනු ලබන තීරණ තමා වෙත දැනුම් දෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත උසාවියට - හිනාවෙලා යන්නේ
01:09
Video thumbnail
මනෝජ් හැමෝම ඉස්සරහා හෙළිකරපු රහස - ස##න්ගේ මල්ලිට පඩි ගෙවලා තියෙන්නේ CID එකෙන්
09:48
Video thumbnail
බැසිල් අසනීප වෙලා ඉන්නේ - හොඳ වුණාම අධිකරණයට එයි
05:39
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන කාදිනල්තුමා කළින්ම දැනගෙන සිටියේ නෑ
10:27
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අධිකරණය වෙත රැගෙන ගිය හැටි - දෙක පෙන්නලා යන යෝෂිත
01:02
Video thumbnail
පොහොට්ටුව වේදිකාවේ ආණ්ඩුවට දෙසන කවි - පුනරුදයට නැවතත් රැවටෙනවද ?
04:04
Video thumbnail
මහ ක#ම ආණ්ඩුවක්..ක#රුම ජනපති කෙනෙක් - ජොන්ස්ටන් මොරටුවට වේදිකාව දෙවනත් කරයි
15:45
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට - ඔබ නොදුටු දර්ශන
02:08
Video thumbnail
නාමල් ආණ්ඩුවට අමතද්දි මනුස්සයෙක් කිව්ව දේට නාමල්ටත් හිනා - හැකර් හැමදාම පනිනවනේ..එකෙක් නම් කමක් නෑ
12:35
Video thumbnail
SLFP කාන්තාවක් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - කෝලිකුට්ටු ගෙඩියේ නැට්ට හයිකරන අයනේ
13:09