කෘත්‍රිම බුද්ධිය පොදු ආරක්ෂාව තහවුරු කිරීමේ ගාමක බලවේගයක් කළ යුතුයි – චීන ජනපති

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය, පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කරමින් පොදු ආරක්ෂාව තහවුරු කිරීමේ වැදගත් ගාමක බලවේගයක් බවට පත් කිරීමට උත්සාහ කළ යුතු බව චීන ජනපති ෂී ජින්පිං අවධාරණය කරනවා.

ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය වෙනුවෙන් අද (17) ශැංහයිහිදී ආරම්භ වූ 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව අමතමින් මේ බව පැවසූ ඔහු ඒ වෙනුවෙන් සිව්වැදෑරුම් යෝජනාවලියක් ද එහිදී ඉදිරිපත් කළා.

ඒ සමඟින් ගෝලීය කෘත්‍රිම බුද්ධි සංවර්ධනයට සහාය වීම සඳහා වන චීනයේ ප්‍රධාන පියවරයන් ද හෙතෙම එහිදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව, අනාගත වසර පහ තුළ, සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ පුහුණු අවස්ථා 5000ක‍‍් ලබා දීමට චීනය තීරණය කර තිබෙනවා.

ආසියාන් සංගමය, අරාබි සංගමය, අප්‍රිකානු සංගමය, ලතින් ඇමරිකානු සහ කැරිබියානු රාජ්‍ය ප්‍රජාව, ශංහයි සහයෝගිතා සංවිධානය සහ බ්‍රික්ස් සංවිධානයට අයත් රටවල් ආවරණය වන පරිදි ජාත්‍යන්තර කෘත්‍රිම බුද්ධි තාක්ෂණ භාවිත සහයෝගිතා මධ්‍යස්ථානය ගොඩනැගීමට ද අපේක්ෂා කෙරෙන බව මෙහිදී සඳහන් වුණා.

එමෙන්ම, චීනය නිකුත් කළ කාලගුණික තත්ත්වය පිළිබඳ අනතුරු ඇඟවීමේ බුද්ධිමය පූර්ව සැලැස්ම වන MAZU සැලැස්ම රටවල් 30ක් වෙනුවෙන් ක්‍රියාවට නැංවීමෙන් එම රටවල ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහුවරු කිරීම සඳහා සහාය වීමට බලාපොරොත්තු වන බව ද චීන ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32