කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බවට හෙළිවෙයි

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයකට පවා භාජනය වූ මැතිව් කුහ්නමන්ගේ පන්දු යැවීමේ ක්‍රමය නිවැරදි බවට හෙළි ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කුහ්නමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වූ වාර්තාව ප්‍රකාශයට පත් කරමින් මේ බව නිවේදනය කළා.

පසුගියදා ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රෙලියාව ලැබූ ටෙස්ට් තරග ජයග්‍රහණය තුළ දී ඊට වැඩි දායකත්වයක් පන්දුවෙන් ලබා දුන් මැතිව් කුහ්නමන්ගේ පන්දු යැවීම සැකසහිත බවටයි අදහස් පළ කෙරුණේ.

මේ හේතුවෙන් ඔහුට මේ දිනවල පැවැත්වෙන චැම්පියන්ස් කුසලානය ද අහිමි වී ඇති අතර ඔහු පසුගිය සතියේ දී බ්‍රිස්බේන් හි පන්දු යැවීමේ පරීක්ෂණයකට ද යොමු කෙරුණා.

ඔහුගේ සියලුම පන්දු සඳහා වැලමිට දිගු කිරීමේ ප්‍රමාණය අංශක 15ක් ඇතුළත බවට හෙළි ව තිබෙනවා.

28 හැවිරිදි කුහ්නමන්ට ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා එක්වීමට හැකි වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48