කුෂාන්ට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ගන්න CIDය සැරසෙයි

ශ්‍රී ලාංකික කතුන් ඕමානයට රැගෙන ගොස් අතරමංව සිටිය දී ලිංගික හිරිහැර කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස කටයුතු කළ වැඩතහනමට වූ ඊ. කුෂාන් නැමැත්තාට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් ලබාගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අදාළ කටයුතු සිදුකරගෙන යන බව තොරතුරු වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඕමානයේ සිට මෙරටට නොපැමිණ වෙනත් රටකට පළායාමේ වැඩි ඉඩක් පැවතීමේ හේතුවෙනුයි මෙලෙස ඔහුට එරෙහිව රතු නිවේදන ලබා ගැනීමට පියවර ගෙන ඇත්තේ.

මේ සදහා ජාත්‍යාන්තර පොලිස් ශාඛාව අවශ්‍ය ලියකියවිල ජාත්‍යාන්තර පොලිස් මූලස්ථානයට මේ වන විටත් යොමුකර ඇති බවයි වැඩි දුරටත් තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?