කුරියර් ක්‍රමයට මත්පෙති හා ගුලි බෙදූ වෛද්‍ය සිසුවා අත්අඩංගුවට

කුරියර් සේවා මඟින් මත්ද්‍ර‍ව්‍ය අලෙවි කළ යාපනය විශ්වවිද්‍යලයේ වෛද්‍ය පීඨයේ සිසුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත ඊයේ (19) කෝපායි පොලිස් වසමේ සිදුකළ වැටලීමක දී මෙම වෛද්‍ය සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සිසුවා සන්තකයේ තිබී මත්පෙති 11ක් සහ මදනමෝදක ගුලි 45ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සිසුවා යාපනය විශ්වවිද්‍යලයේ වෛද්‍ය පිඨයේ 03 වන වසරේ ඉගෙනුම ලබන සියඹලාවැව, රූඹෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක අයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකාර සිසුවා වැඩිදුර විමර්ශන සඳහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටීමෙන් සිදු වූ විනාශය
01:22
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15