spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කුඩු හිඟයට ඉන්දියාවෙන් බඩු ගෙන්වයි

ඇෆ්ගන්, පාකිස්තාන් සීමාවෙන් කුඩු රැගෙන ඒමට බාධා පැමිණීමත් සමග ඇතිවූ කුඩු හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවේ සිට බෝට්ටුවලින් හෙරොයින් එවීමට කටයුතු කරගෙන යන බව මත්ද්‍රව්‍ය නාශක අංශ අනාවරණය කරගෙන ඇත.

මේ වනවිට ඇති දැඩි ඉල්ලුම නිසා මත්ද්‍රව්‍ය ජවාරමුන් ඉන්දියාවේ සිට කුඩු කිලෝව, දෙක රැගෙන එන බව හෙළිවී තිබේ.

ඇෆ්ගන්, පාකිස්තාන් සීමාවෙන් හෙරොයින් රැගෙන එන ඉරාන ට්‍රෝලර් යාත්‍රා දිගින් දිගටම ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත අසුවීමත් සමග මාසයක් තිස්සේ ඇතිව තිබෙන කුඩු හිඟය නිසා කුඩු කිලෝව හතර ගුණයකින් ඉහළ ගොස් ඇතැයි හෙළිවී තිබිණි.

මේ අනුව වෙළෙඳ ​පොළ තුළ රුපියල් දස දහසට තිබූ කුඩු ග්‍රෑමයක් රුපියල් හතළිස්පන්දහස දක්වා ඉහළ ගොස් ඇතැයි අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ආරක්ෂක අමාත්‍යාංශය වෙත වාර්තාවක්ද ලබාදී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?