Fly high Get bonus Aviator Phone

කුඩු සලිඳුගේ දකුණු අත ඩුබායි සිට මෙරටට රැගෙන ආ හැටි (ඡායාරූප)

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සලිඳු මල්ෂික හෙවත් කුඩු සලිඳු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් “පියුමා” නැමැති අපරාධ කල්ලි සාමාජිකයා අද (15) දිවයිනට රැගෙන ආවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහුව ඩුබායි හි සිට අද (15) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට රැගෙන ආ බවයි වාර්තා වුණේ.

අද (15) අලුයම 04.50ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් මෙම සැකකරුව මෙරටට රැගෙන ඇවිත් තිබුණා.

මෙම අපරාධ කල්ලි සාමාජිකයා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රදවා තබා ගෙන අවශ්‍ය මූලික විමර්ශන සිදුකිරීමෙන් පසු දැඩි රැකවල් මධ්‍යයයේ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථාන වෙත රේගන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මොහු කුඩු සලිඳු වෙනුවෙන් ඩුබායි හි රැදී සිට මෙරට කුඩු ජාවාරම මෙහෙයවා ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

IMG 20240215 WA0010
IMG 20240215 WA0011
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
10
+1
2
+1
2
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?