කිසිම කෙනෙක් ගාව ලාබෙට විකිණෙන්න යන්න එපා

ශලනි තාරකා කියන්නේ අපි ඉතාමත් ආදරය කරන බොහොම ජනප්‍රිය රංගන ශිල්පිනියක් .ඇය විසින් සිය මුහුණු පොතේ තබා තිබූ සටහනක් හේතුවෙන් ඇගේ ආදරණීය රසිකයන් ඇයට උණුසුම් ලෙස ප්‍රතිචාර දක්වා තිබුණා.

ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ශලනි ගේ ආදරණඒ ආදරණීය රසිකයන් ගේ අවධානය දිනාගනිමින් මුහුණු පොතේ තැබූ සටහන පහතින්..

කිසිම කෙනෙක් ලග ලාබෙට විකිනෙන්න එපා , ඔයාටත් තියෙනවා වටිනාකමක් ඒක හොයාගන්න..! දවසක් පුංචි දරුවෙක්එයාගෙ සීයා ලගට ගියාලු..ගිහින් ඇහුවලු මෙහෙම..“සීයේ.. ජීවිතේකට වටිනාකමක් තියෙනවද..?මගේ ජීවිතේ වටිනාකම කීයද..?“සීයා මේ පුංචි දරුවා අතට රලු ගලක් දුන්නලු..දීලා කිව්වලු මෙහෙම..“පුතා ගිහින්.. මේ ගලේ වටිනාකම කීයද කියලා හොයාගෙන එන්න.. හැබැයි කීයටවත් මේ ගල විකුණන්න නම් එපා..“පුංචි දරුවා ඒ ගලත් අරගෙන ගියා දොඩම් වෙලෙන්දෙක් ලගට..“මාමේ.. මේ ගල කීයක් වෙනවද..?“දොඩම් වෙලෙන්දා ඒ ගල අතට අරගෙන බැලුවා.. රතු පාටට යාන්තමින් දිලිසෙන ගල ගැන වෙලෙන්දාට සැකයක් ඇතිවුණා..“මේකට මං පුතාට දෙන්නම් දොඩම් ගෙඩි දුසිමක්..!““ස්තුතියි මාමේ.. ඒත් සීයා කිව්වා මට මේ ගල විකුණන්න එපා කියලා..“ පුංචි දරුවා ඊලගට ගියේ එළවලු වෙලෙන්දෙක් ලගට..“මාමේ මේ ගල කීයක් වෙයිද..?“එලවලු වෙලෙන්දත් මේ ගල අරගෙන බැලුවා….“පුතා මේක මට විකුණන්නද යන්නෙ.. මම මේකට දෙන්නම් එලවලු ගෝනියක්ම..““ස්තුතියි මාමෙ.. ඒත් සීයා මට කිව්වා මේක විකුණන්න එපා කියලා..“දරුවා ඊලගට ගියේ ආභරණ වෙලෙන්දෙක් ලගට..“මේ ගලට කීයක් දෙන්න පුළුවන්ද..?“ආභරණ වෙලෙන්දා ගල අතට අරන් පරීක්ෂා කළා..“හ්ම්.. මේකට මම දෙන්නම් ලක්ෂ දහයක්..“පුංචි දරුවා වෙලෙන්දාට ස්තුති කරලා වෙනදා උත්තරයම දීලා එන්න ලෑස්ති වුණා..“හා කමක් නෑ.. මම ඔය ලමයට ලොකු රත්තරන් මාල දෙකක්ම දෙන්නම්කො.. මේක මට විකුණන්න..““නෑ මාමේ.. මට ඕන වුණේ මේකෙ වටිනාකම දැනගන්න විතරයි..“ පුංචි දරුවා ඊලගට ගියේ මැණික් වෙලෙන්දෙක් ලගට……මේ ගල අතට අරන් පරික්ෂා කරලා බලපු මැණික් වෙලෙන්දා ආයෙමත් මේ ගල පුංචි ළමයා අතට දීලා මෙහෙම ඇහුවා..“කවුද මේ ගල පුතාට දුන්නේ..?““මගේ සීයා..““පුතේ මේ ගල ලොකු රතු මැණිකක්.. මේ වටිනා මැණික ගන්න මගේ ලග තියෙන හැම සතයක්ම එකතු කළත් මදි වේවි.“ මේ හැම දේම අහගෙන පුංචි දරුවා ආපහු සීයා ලගට ගියා..ගිහින් සීයාට හැම දේම කිව්වා.ඊට පස්සෙ ඇහුවා..“ඉතින් සීයේ කියන්න.. මගේ ජීවිතේ වටිනාකම කීයද..?““ඒකට උත්තරය තමයි පුතේ ඔයා ඔය හොයාගෙන ආවෙ.. එක එක්කෙනා ඒ ගොල්ලන්ගෙ දැනුමෙ හැටියට, ඒ ගොල්ලන්ගෙ අවංක කමේ හැටියට, ඒ ගොල්ලන්ගෙ විශ්වාසයෙ හැටියට ඔයාගෙ ජීවිතේ මිල තීරණය කරයි.. සමහරු කියයි ඔයාගෙ කිසිම වටිනාකමක් නෑ කියලා.. සමහරු ඔයා ගැන හරි හැටි නොදැන පුංචි වටිනාකමක් කියයි.. ඒත්.. කවදා හරි ඔයාව හරියටම දන්න කෙනා ඔයාගේ ජීවිතේ වටිනා කම කියා දෙයි.. ඔයා කොච්චර වටින කෙනෙක්ද කියලා ඔයාට පෙන්නලා දෙයි..ඒ නිසා ඔයාව විශ්වාස කරන්න..ඔයාව අගය කරන්න..ඔයාගෙ ජීවිතේ වටිනාකම අවතක්සේරු කරන්න එපා..කිසිම කෙනෙක් ගාව ලාබෙට විකිණෙන්න එපා..තමන්ට ගරු කරන්න…!!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
243
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51
Video thumbnail
වන්දනා ගමනත් සුනු විසුණු කරමින් බස් රථය අළු කළ ගින්න
01:54


?