පසුගිය 09 වැනිදා පස්වරු 5.45ට පමණ ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ අගනුවර, කිඹුලාවල ප්‍රදේශයේ දී දියවන්නා ඔයේ සිටි කිඹුලෙකු විසින් මිනිසෙකු ඇදගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි කැළඹීමක් ඇති කළා.
මේ වන විට අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය සොයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.
ඒ අනුව කළුබෝවිල රෝහලේ තැන්පත් කරතිබූ සිරුර මෙම පුද්ගලයාගේ සිරුර ඥාතීන් පිරිසක් විසින් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු තලවතුගොඩ , ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80 ක පුද්ගලයෙක් බවටයි අනාවරණය වී තිබෙන්නේ.
පසුගිය 08 වැනිදා මෙම පුද්ගලයා අතුරුදහන් වූ බවට ඥාතීන් විසින් පොලිස් පැමිණිල්ලක් ද දමා තිබුණා.
කෙසේ වෙතත් අදාළ පුද්ගලයාව කිඹුලාට හසුවුණේ කෙසේදැයි යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නැහැ.
කිඹුලා පුද්ගලයාව ඇදගෙන යන අවස්ථාවේ වීඩියෝව පහතින්,
දියවන්නා ඔයේ කිඹුලෙක් ඇදගෙන යන මේ මළ සිරුර කාගේ ද?