අමෙරිකාව සහ කැනඩාව අතර වෙළඳ යුද්ධය උත්සන්න වීමත් සමඟ, අමෙරිකානු භාණ්ඩ මත ඩොලර් බිලියන 20ක ප්‍රතිප්‍රහාරාත්මක තීරුබදු පැනවීමට කැනඩාව පියවර ගෙන තිබෙනවා.
මෙය, අමෙරිකාව විසින් මෑතකදී කැනඩාවට පනවන ලද තීරුබදු සඳහා එල්ල කරන ලද ප්‍රබල ප්‍රතිචාරයක් වන අතර, මෙම පියවර දෙරට සඳහාම ආර්ථික බලපෑම් එල්ල කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් අඩසැහැ දක්වමින් කැනේඩියානු අගමැතිවරයා චෝදනා කරන්නේ, කැනඩාවේ මෝටර් රථ කර්මාන්තය “විනාශ කිරීමට” අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ කරන බවයි.













