කාන්තාවන් සමඟ චාරිකාවේ ගිය හිමිනම ලෙව්වන්දූවට වැඩලා – හයක් රෝහලේ

මතුගම ලෙව්වන්දූව ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් දැනට මාසයකට පමණ පෙර එම ප්‍රදේශයේම කාන්තාවන් තිදෙනකු විනෝද චාරිකාවකට සහභාගී උනේ යැයි පවසා එම විහාරස්ථානයේ දායක දායිකාවන් එම ස්වාමීන් වහන්සේට දැඩි විරෝධය පා උන්වහන්සේ වැඩසිටි ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයෙන් පිටුවහල් කරන ලදී.

නමුත් අද (11) අලුයම් කාලයේ එම විහාරස්ථානයේ වැඩ සිටි එම සිද්ධියට සම්බන්ධ ගලහිටියාගොඩ ධම්මකිත්ති ස්වාමීන් වහන්සේ සහ තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් සහ තවත් පිරිමි පුද්ගලයින් කිහිපදෙනකු සමඟ විහාරස්ථානයට හොර රහසේම ඇතුළු වී ඇති බවට විහාරස්ථානයේ දායක දායිකාවන් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව විහාරස්ථානයට පමණ ඇති ඔවුන් ස්වාමීන් වහන්සේලා සහ අනෙකුත් පිරිස සමඟ ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.

මෙම ගැටුමෙන් ස්වාමීන් වහන්සේලා තුන් නමක් වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇති අතර, ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක්ද රෝහල් ගතව ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සමථයකට පත් කිරීම සඳහා වැලිපැන්න පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය මහත් උත්සාහයක් දරා ඇති අතර, අවසානයේදී විහාරස්ථානයේ සැඟව සිටි ගලහිටියාගොඩ ධම්මකිත්ති හිමියන් වැලිපැන්න පොලිසියේ මැදිහත්වීම මත විහාරස්ථානයෙන් පිටත් කරවීමට කටයුතු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැරල් එකක්නේ මේ - ඉතින් ඒක බාධකයනේ..බාධක මැද ඉස්සර කිරීම දඩ කොලයක් දෙනවා
02:57
Video thumbnail
ආදරණීයන්ගේ කඳුළු ගංඟා මැදින් ප්‍රියංකර පෙරේරාගේ අවසන් ගමන් යයි - සැවොම දේහය ළඟ හඬා වැටෙයි
01:37
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි - "කාමරවලට රිංගලා ඇඳුම් මාරු කරගන්න දෙන්නෙ නෑ?"
13:53
Video thumbnail
සදහටම සමුගෙන යන ආදරණීය හිතවතා දෙස ඈත සිට දුක්බරව බලාසිටි රන්ජන් රාමනායක
00:11
Video thumbnail
අනාගත ජනාධිපති සජිත් බව කියමින් පැමණි සිටි ජනතාව කොළඹ හොල්ලමින් කෑගැසූ හැටි..
00:16
Video thumbnail
නාමල්ව ගෙනල්ලා අත්අඩංගුවට ගන්න යන්නේ ?ඩී.වී.චානක හෙළිකරයි
02:32
Video thumbnail
ආරක්ෂකයින් පිරිවරාගෙන සජිත් උද්ඝෝෂණයෙන් පිටව ගිය හැටි - පොරකකා සජිත් එක්ක Selfie ගහයි
01:54
Video thumbnail
මහ සෙනඟ මැද සජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - අනුරව අපි ජන බලයෙන් ගෙදර යවනවමයි
10:43
Video thumbnail
කොටුව දුම්රිය පොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්..සජබය දෙවනත් කරයි - සෙනඟ මැදින් සජිත් එයි
02:40
Video thumbnail
සෙනඟ මැදින්, ප්‍රියංකරට සමුදෙන්න ආ විපක්ෂ නායක සජිත් - මගේ තාත්තාට උපරිම සහයෝගය දුන්නා
03:06