පරෙවි සුදාගේ සමීපතමයා ඇතුළු අබුඩාබිවලින් පිටුවහල් කළ දෙදෙනා කටුනායකදී අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය , නීතිවිරෝධී ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම සහ සංවිධානාත්මක අපරාධ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙරටට අත්‍යවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙක් අබුඩාබි නුවර සිට පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (03) ඒවා තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඉරානය විසින් පහර දීමට යොදා ගත් ඩ්‍රෝන යානා, මිසයිල සහ ඒවා ඉලක්ක වෙත වැදී පුපුරන ආකාරය පිළිබඳ දර්ශන තම ජංගම දුරකථනවල ගබඩා කර තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඔවුන් දෙදෙනා, එරට බන්ධනාගාර ගතකර සිට මෙරටට පිටුවහල් කර එවීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් අතරින් එක් අයෙක් අශෝකපුර – දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචි, දිසානායක මුදියන්සේලාගේ බන්ධුල දිසානායක නමැති වයස අවුරුදු 37ක පුද්ගලයෙක් වන අතර ඔහු මත්ද්‍රව්‍ය සහ නීනීතිවිරෝධී ගිනි අවි සන්තකයෙහි තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නෙක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අනෙක් පුද්ගලයා සියඹලාදූව පතිරණලාගේ හර්ෂ කුමාර නැමති වයස අවුරුදු 36ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔහු පරෙවි සුදා නම් අපාරාධකරුගේ සමීපතම අනුගාමිකයෙකු වන අතර, බූස්ස බන්ධනාගාරය තුළ කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බව වාර්තා වනවා.

මොවුන් දෙදෙනා අද උදෑසන 10.15 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් මෙරටට පිටුවහල් කර එවා තිබෙනවා.

අදාළ සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා.

පසුව ඔවුන්ගෙන් එක් සැකකරුවෙක් කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකය වෙතත්, අනෙක් සැකකරු කොළඹ – දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙතත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන ගොස් ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ නඩුව ගැන රොහාන් ද සිල්වා පියතුමා හෙළිකළ දේ - අපිට සැකයි හිතාමතා පරක්කු කරනවද කියලා
04:41
Video thumbnail
නීතිඥයින් අටමස්ථානාධිපති බැහැ දකින්න යයි - අපි නීතීඥවරු හැටියට නීතියට ගරු කරනවා
13:10
Video thumbnail
අටමස්ථානාධිපති ජනතාවගෙන් කල ඉල්ලීම - ගේ ඇතුළට අද වැව ගෙනල්ලා - ජල හිඟයක් තියෙනවා
07:39
Video thumbnail
මින්නේරියේ අලි සෙල්ලම් බලන්න ආ ජපන් ජාතිකයින් - සෆාරි කැබ් 45කින් ඇවිත්
04:39
Video thumbnail
කොළඹ උද්ඝෝෂණයට දිවුලපිටියෙන් යන මහ ජන ගඟ - ඩොලර් නෙවෙයි අනුර ගල් අඟුරුත් කාලා
04:09
Video thumbnail
බුත්තල පාරේ අලි ප්‍ර#රයකින් වන්දනා නඩයක් ගිය බස් රථයක් පෙරලෙයි
00:42
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
01:49
Video thumbnail
කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:20
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?
01:33
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?මට සිංහල තේරෙන්නේ නෑ..වැරැද්ද මොකක්ද ?
02:26