කාන්තාවන් වෘත්තීයමය කටයුතුවල දී බාධාවන්ට මුහුණදෙන බවත්, ඔවුන්ට නිසි අවධානයක් යොමු නොවීම මත අපහසුතාවට ලක් වන බවත් ශ්‍රී මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා පවසනවා.
හෙට (08) දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අද (07) පෙරවරු 09 සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වමින් දෙහිදෙණිය මහතා මේ බව කියා සිටියා.
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, ජාතික කාන්තා කොමිසමක් පිහිටුවීම , කාන්තා අයිතිවාසිකම් සුරැකීම සඳහා යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ කරුණු සලකා බැලිය යුතු බව ද මෙහිදී ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති වට මේස සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණා.
ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ෆර්ෂානා ජමිල් මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කාන්තාවන් සහ ගැහැණු ළමුන් වෙනුවෙන් පවතින ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ව අදහස් දැක්වූ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
කාන්තා සංවිධාන නියෝජිතවරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.