කාන්තාවක් දූෂණය කිරීමෙන් පසු මීඇල්ල, ගොඩවැන්න ප්‍රදේශයේ පාළු පාරක දමාගොස් සිටියදී හමු වී වලස්මුල්ල මූලික රොහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්කර තිබෙනවා.
ඊයේ (16) උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය මීඇල්ල – කන්දබැද්ද මාර්ගය අසල අතුරු මාර්ගයක වැටී සිටිය දී අදාළ කාන්තාව රෝහල් ගතකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙසදූෂණයට ලක්ව ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සැකපළ කරන්නේ.
දූෂනයට ලක් වූ කාන්තාව මාතර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඉන් පසුව සිදුවීම් පිළිබදව තොරුතුරු අනාවරණය කර ගැනිම සදහා කාන්තාවගේ ප්‍රකාශයක් සටහන් කර ගැනිමට නොහැකි ලෙස ඇයගේ සෞඛ්‍ය තත්ත්වය දුරුවල වී ඇති බව සඳහන්.
වලස්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.