spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවක් දරු දෙදෙනා සමඟ ගොඩනැගිල්ලෙන් බිමට පනියි

රුසියාවේදී හමුදා නිලධාරියෙකුගේ බිරිඳ සිය දරුවන් දෙදෙනා සමඟ සියදිවි නසාගෙන තිබෙනවා. කාන්තාව අවුරුදු තුනක් වයසැති දරුවන් තම උකුලේ තබාගෙන ගොඩනැගිල්ලක 19 වන මහලෙන් බිමට පැන තිබෙනවා.

අඩි 190 ක් පමණ පහළට වැටීමෙන් තිදෙනාම මිය ගිය බවයි වාර්තා වන්නේ.
මියගිය අයගේ සැමියා හමුදා නිලධාරියෙකු වන අතර මෙම පුවත සැලවීමෙන් පසු දැඩි කම්පනයට පත් වී තිබෙනවා.

පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර. මෙය මිනීමැරුමක් ද සියදිවි හානි කරගැනීමක්ද යන්න පිළිබඳව නිශ්චිත කරුණු අනාවරණය කරගෙන නෑ.

“ද සන්” හි වාර්තාවට අනුව, කාන්තාව පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනයෙන් පෙළෙමින් සිටි අයෙකි. සමහර විට දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්ට මෙම ගැටලුව ඇති වෙනවා. මෙම කාන්තාව තම අසල්වැසියාට ද මේ බව පවසා ඇති අතර ඇය එවැනි භයානක පියවරක් ගනු ඇතැයි කිසිවෙකු සිතුවේ නැහැ.

ඔල්ගා සිය දිවි නසා ගැනීමට පෙර සටහනක්ද තබා තිබෙනවා. එහි ඇය ලියා ඇත්තේ තම දරුවන් මේ ලෝකයේ තනිකර දැමීමට අවශ්‍ය නැති නිසා ඇය ඔවුන් ද කැඳවාගෙන යන බවයි.

මෙම කාන්තාව කලකට පෙර තම අසල්වැසියාට පවසා ඇත්තේ ඇය පශ්චාත් ප්‍රසව මානසික අවපීඩනයෙන් පෙළෙන බවත් පාළුව, දැඩි වෙහෙසක් දැනෙන බවත් ය. සමහර විට මේ හේතුවෙන් ඔහු සියදිවි නසා ගන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?