ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
ක්‍රිකට් සම්බන්ධයෙන් හා තමාට එල්ල වී ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් ද මෙහි දී අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර ඇති බවයි වාර්තා වුණේ.
ඉදිරියේ දී එම තොරතුරු මාධ්‍ය වෙත දැනුම් දෙන බවට ද අමාත්‍යවරයා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.













