ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් යොමු කළ ඇප ඉල්ලීම ඉල්ලා අස්කරගනියි

තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවාරච්චි මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ඒ මහතාගේ නීතිඥවරු විසින් ඉල්ලා අස්කර ගැනු ලැබීමෙන් අනතුරුව එය නිෂ්ප්‍රභ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

2014 වසරේ ක්‍රීඩා භාණ්ඩ මිල දී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු පවරනු ලැබුවා.

මෙම පෙත්සම අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදියි අදාළ නියෝගය විනිසුරුවරිය විසින් සිදු කරන ලද්දේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මෙම සිද්ධියට අදාළ නඩුකරය පිළිබඳව 2015 වසරේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇති අතර ඊට අදාළව පෙත්සම්කරු විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ ප්‍රකාශයක් මහෙස්ත්‍රාත්වරයාට ලබා දී තිබෙන බවත් සඳහන් කළා.

එමෙන්ම මෙම පෙත්සම්කරු විසින් කරුණු වසන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙන බවත් මෙම නඩුකරය පවතින්නේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ බවත් සඳහන් කළා.

මෙහිදී පෙත්සම්කාර ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2015 වසරේ ගොනු කෙරුණු මෙම නඩුකරය සම්බන්ධයෙන් පියවර ගැනීමට රජය 2025 වසර දක්වා බලා සිටියේ ඇයි දැයි විමසුවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ නඩුකරය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින හෙයින් මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර පතන බවත් මෙම අපේක්ෂිත ඇප ඉල්ලීම සුදුසු අධිකරණය හමුවේ සිදුකිරීමට කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරිය අදාළ අපේක්ෂිත ඇප අයදුම් පත ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් එය නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කෙරුණු බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04
Video thumbnail
රනිල් - සජිත් එකතුවීම ගැන අහද්දි රාජිත කුපිත වෙයි..තනි නායකයෙකුට ඕනි විදියට වැඩ වෙන්නේ නෑ
06:30
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි හොල්ලන්න හිතන්නවත් දෙන්නේ නෑ..විපක්ෂයට පෙරළන්නද අපි ආණ්ඩු හැදුවේ
05:46
Video thumbnail
ජනපති රැළියේ කිව්ව කතාවට රාජිතට යකා නගියි..මේවට තමයි Banana Republics කියන්නේ
09:44
Video thumbnail
යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි
00:46
Video thumbnail
දිලිත් ඇවිත් මැයි රැළිය ගැන ගැම්මට කිව්ව කතාව..අපි පැය 24ක කාලයකදී මැයි රැළිය සංවිධානය කළේ..
02:32
Video thumbnail
මේ බස් දෙක රේස් ආවා..කැලේට ඇල්ලුවේ නැත්තම් මගේ දරු පැටව් දෙන්නා නෑ
01:31
Video thumbnail
ගෑස් නිධි අපේ සයුරු සම්පතේ තියෙද්දි ඇයි රට ශක්තිමත් නොකරන්නේ..විරුද්ධ වෙන කට්ටියක් ඉන්නවා
06:28
Video thumbnail
විමල්ගෙන් රංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..දෙන්න තියෙන උපරිම මානසික පීඩනයක් දීලා..?
05:23
Video thumbnail
කුලී රථයක ඇවිත් යුවළකට සත්තම දාපු ඇල්දෙනියේ හෙල්මට් දෝණි..කොහොමද හපන්කම්
01:09