spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රිකට් තරගයක් අතර තුර හෘදයාබාධයකින් ක්‍රීඩකයෙක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් හි ක්‍රිකට් තරගයක ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයෙක් හෘදයාබාධයකට ලක්ව මියයාමේ පුවතක් එරට මාධ්‍ය වාර්තා කරනවා.

22 හැවිරිදි වියේ පසුවන මෙම ක්‍රීඩකයා ඊයේ (30) පැවති තරගයක පන්දු යවමින් සිටිය දී කිසියම් අසනීප තත්ත්වයකට පත්ව තිබෙනවා.

පසුව ඔහු පිටියෙන් ඉවත්ව ගසක් යටට ගොස් විවේක ගෙන ඇති අතර, ඔහුගේ කණ්ඩායම තරගය ජයග්‍රහණය කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරුව අනෙකුත් ක්‍රීඩකයන් විසින් ඔහුව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර, එලෙස රෝහල් ගතකරන අවස්ථාවේ දී එම ක්‍රීඩකයා මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෘත දේහය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ හෘදයාබාධයක් හේතුවෙන් මෙම ක්‍රීඩකයා මියගොස් ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය ඔහුගේ පවුලේ අයට භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
8
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?