Empty Ad
Empty Ad
AFC Banner

කළු කොඩියක් හෝ රතු බිලක් රැගෙන විරෝධතා පා ගමනට එන්න

විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය අද (30) පොලිස් මූලස්ථානය වෙත පැමිණියා.

ඒ, නොවැම්බර් පළමු වනදා දිවුලපිටිය නගරයෙන් ආරම්භවන විදුලි බිල වැඩි කිරීමට එරෙහි විරෝධතා පා ගමන සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීම සඳහායි.

මෙම විරෝධතා පා ගමන ලබන පළමුවනදා උදෑසන 8:00 ට දිවුලපිටිය නගරයෙන් ආරම්භ වී රාත්‍රී 10:00ට බලශක්ති අමාත්‍යාංශය වෙත ළඟා වීමට සැලසුම්කර තිබෙනවා.

මෙහි දී වත්තල ප්‍රදේශයේ සිට බලශක්ති අමාත්‍යාංශය දක්වා පන්දම් සමඟ විරෝධතා පා ගමනේ නිරතවන බවයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කළේ.

මේ අතර කළු කොඩියක් හෝ විදුලි රතු බිලක් රැගෙන මෙම විරෝධතා පා ගමනට එක්වන ලෙස එම සංගමය මහජනතාව දැනුම් දුන්නා.

මේ අතර ලබන පළමුවන දා ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල ඉදිරිපිටට කැඳවා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ද ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොටුවේ අලුත් හාදයෙක් ජනපති අනුරව නැත්තටම නැතිකරයි
Video thumbnail
රටම හොයපු උපාධි සහතිකය මාධ්‍ය හමුවේ එළියට එයි
08:03
Video thumbnail
අද සෙවලයන්ට හොඳ උත්තරයක් හම්බුනා - උසාවි ආපු අසාද් සාලිගෙන් සැර ටෝක් එකක්
04:08
Video thumbnail
Breaking News 🛑යාපනය කළඹපු උණ ගැන ඇහෙන කතාව මෙන්න -පරිස්සම් නොවුණොත් මරණය ළඟට එන හැටි මෙන්න
17:37
Video thumbnail
Breaking News 🛑දක්ෂිණ අධිවේගයේ අනතුරකින් එකම පවුලේ දියිණියන් දෙදෙනා ජීවිතක්ෂයට#breakingnews
01:58
Video thumbnail
චන්ද්‍රිකා සහ හරිනි එකම වේදිකාවේ හරිම සතුටින්
09:04
Video thumbnail
කිලෝ එක 2000 සීමාව ඉක්මවූ එළවළු මෙන්න
05:15
Video thumbnail
කතානායකතුමා සුදුසුකම් පෙන්වන්න - නැත්නම් ඉල්ලා අස් වෙන්න
08:49
Video thumbnail
හාල්වලට වුණු දේ මෝල් හිමියා පාරිබෝගික නිලධාරීන් හමුවේ හෙළි කරයි
05:03
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාරවල මිල ඉහළට - විශේෂ හෙළිදරව්ව
05:54

?