spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කළු කොඩියක් හෝ රතු බිලක් රැගෙන විරෝධතා පා ගමනට එන්න

විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය අද (30) පොලිස් මූලස්ථානය වෙත පැමිණියා.

ඒ, නොවැම්බර් පළමු වනදා දිවුලපිටිය නගරයෙන් ආරම්භවන විදුලි බිල වැඩි කිරීමට එරෙහි විරෝධතා පා ගමන සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීම සඳහායි.

මෙම විරෝධතා පා ගමන ලබන පළමුවනදා උදෑසන 8:00 ට දිවුලපිටිය නගරයෙන් ආරම්භ වී රාත්‍රී 10:00ට බලශක්ති අමාත්‍යාංශය වෙත ළඟා වීමට සැලසුම්කර තිබෙනවා.

මෙහි දී වත්තල ප්‍රදේශයේ සිට බලශක්ති අමාත්‍යාංශය දක්වා පන්දම් සමඟ විරෝධතා පා ගමනේ නිරතවන බවයි විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කළේ.

මේ අතර කළු කොඩියක් හෝ විදුලි රතු බිලක් රැගෙන මෙම විරෝධතා පා ගමනට එක්වන ලෙස එම සංගමය මහජනතාව දැනුම් දුන්නා.

මේ අතර ලබන පළමුවන දා ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල ඉදිරිපිටට කැඳවා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ද ලංකා විදුලි සේවක සංගමය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
5
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?